
ඉරානයට එරෙහිව ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධය සම්බන්ධයෙන් විවේචනාත්මකව පුවත් වාර්තා කරන්නේ නම්, එවැනි මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව ට්‍රම්ප් පරිපාලනය අනතුරු ඇඟවීය.
ඇමෙරිකාවට අවාසි වන අකාරයට මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපකීර්තියට පත් වන ආකාරයට පුවත් විකාශය කිරීමෙන් වැළකී සිටින්නැයි ද ට්‍රම්ප් පරිපාලනය ඇමෙරිකන් මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.
මේ අතර, ඇමෙරිකන් ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාවේ සභාපති බ්‍රෙන්ඩන් කාර් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර ඇති අතර, ඔහු පවසා ඇත්තේ මාධ්‍ය ආයතන සැමවිටම මහජන යහපත උදෙසා කටයුතු කළ යුතු බවත්, ව්‍යාජ පුවත් සහ විකෘති කරන ලද පුවත් පළ කිරීමෙන් වැළැකී සිටිය යුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් සහතික ඇත්ත මේ කියලා තියෙන්නේ...