IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වන්න ඉරානය සූදානම්

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉරනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන, ඉරානයේ ස්වෛරීත්වයට බාධාවක් නොවන ආකාරයට ට්‍රම්ප් පරිපාලනය සමඟ සාකච්ඡා පැවැත්වීමටත් නව ජනාධිපති ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමටත් තමන් සූදානම් බව ඉරාන රජය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

ට්‍රම්ප් සහ ඉරානය අතර අර්බුදයක් පවතී. පසුගිය මාස කීපයේ ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපතිවරණයට සූදානම් වෙද්දී අවස්ථා තුනකදී ඔහු ඝාතනය කිරීමට තැත් කෙරුණි. එක් අවස්ථාවක ජන රැලියක් අමතමින් සිටිද්දී තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ දකුණු කන් පෙත්ත තුවාල විය.

ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලැසුම් සකස් කර ඇත්තේ ඉරාන විප්ලවීය හමුදාව යැයි චෝදනා එල්ල වී ඇත. ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට අනුව ඉරාන විප්ලවීය හමුදාව යනු ත්‍රස්ත සංවිධානයකි.

ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වූයේ 2016 දීය. ඒ වනවිට ඇමෙරිකාව ඉරානයට පනවා තිබූ සම්බාධක බොහොමයක්, ට්‍රම්ප්ට පෙර ජනාධිපති ලෙස කටයුතු කළ බැරැක් ඔබාමා ලිහිල් කර තිබුණි. ට්‍රම්ප් ජනාධිපති වූ සැණින්, ඔබාමා පරිපාලනය විසින් ලිහිල් කරනු ලැබූ එම සම්බාධක දැඩි කළේය. ඊට අමතරව, නව සම්බාධක පවා ඉරානයට පැනැවීය. ඒ අනුව, ඉරානය සහ ට්‍රම්ප් අතරේ අර්බුදයක් නිර්මාණය විය.

2020 ජනවාරි 3 වැනිදා, ට්‍රම්ප්ගේ අණ පරිදි, ඉරාන හමුදා ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කෙරුණි. සුලෙයිමානී යනු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනීට පසු එරට ජනතාවගේ ගෞරවයටත් ආදරයටත් පාත්රඅ වූ හමුදා නිලධාරියෙක් විය.

ඉරාන විප්ලවීය හමුදාවේ අතිරේක බලඇණියක් ලෙස සැලකෙන කුඩ්ස් බලඇණියට නායකත්වය දුන්නේ ද සුලෙයිමානීය. සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් පළි ගන්නා බව ඉරාන විප්ලවීය හමුදාව ප්‍රතිඥ දී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වන්න ඉරානය සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 509 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17137 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site