
ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන ජනාධිපති ජෝ බයිඩන් සහ නව ජනාධිපති ලෙස එම ධුරය බාර ගැනීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකට වෙනස් නත්තල් පණිවුඩ වීඩියෝ දෙකක් නත්තල වෙනුවෙන් නිකුත් කර ඇත.
බයිඩන්ගේ නත්තල් පණිවුඩය ප්‍රසිද්ධියට පත් කෙරුණේ යූටියුබ් වීඩියෝවක් ලෙසය. එහි දැක්වෙන්නේ බයිඩන් ධවල මන්දිරයේ නත්තල් සැරැසිලි ගැන කියමින්, ඇමෙරිකන් වැසියන් ආමන්ත්‍රණය කරමින්, එකිනෙකාට ආදරය කළ යුතු බව පැවැසීමය.
ලබන ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කළ වීඩියෝවේ දැක්වෙන්නේ, ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වුණු පසු ඔහු කටයුතු කරන ආකාරය සහ ට්‍රම්ප්ගේ ඉදිරි දේශපාලන දැක්මය.
ඩෙන්මාර්ක පාලනය යටතේ පවතින ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්ත දූපත මිලදි ගැනීමට පියවර ගැනීම, තීරු බදු සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සමඟ ඇති අර්බුදය, පැනමා ඇලේ කළමණාකාරීත්වය සම්බන්ධයෙන් මැදිහත් වීමට තීරණය කිරීම ආදිය ද එම නත්තල් පණිවුඩයට ඇතුළත් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd