
ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන ජනාධිපති ජෝ බයිඩන් සහ නව ජනාධිපති ලෙස එම ධුරය බාර ගැනීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකට වෙනස් නත්තල් පණිවුඩ වීඩියෝ දෙකක් නත්තල වෙනුවෙන් නිකුත් කර ඇත.
බයිඩන්ගේ නත්තල් පණිවුඩය ප්‍රසිද්ධියට පත් කෙරුණේ යූටියුබ් වීඩියෝවක් ලෙසය. එහි දැක්වෙන්නේ බයිඩන් ධවල මන්දිරයේ නත්තල් සැරැසිලි ගැන කියමින්, ඇමෙරිකන් වැසියන් ආමන්ත්‍රණය කරමින්, එකිනෙකාට ආදරය කළ යුතු බව පැවැසීමය.
ලබන ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කළ වීඩියෝවේ දැක්වෙන්නේ, ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වුණු පසු ඔහු කටයුතු කරන ආකාරය සහ ට්‍රම්ප්ගේ ඉදිරි දේශපාලන දැක්මය.
ඩෙන්මාර්ක පාලනය යටතේ පවතින ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්ත දූපත මිලදි ගැනීමට පියවර ගැනීම, තීරු බදු සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සමඟ ඇති අර්බුදය, පැනමා ඇලේ කළමණාකාරීත්වය සම්බන්ධයෙන් මැදිහත් වීමට තීරණය කිරීම ආදිය ද එම නත්තල් පණිවුඩයට ඇතුළත් වෙයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ට්‍රම්ප්-බයිඩන්ගෙන් එකිනෙකට වෙනස් විදියේ නත්තල් පණිවුඩ