
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බැවින්, ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වුවහොත්, එය ඔහුට දරා ගැනීමට නොහැකි වනු ඇතැයි ජනාධිපති ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් කියයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙයි. තවත් එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවින්, ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වෙයි. වත්මන් ජනාධිපති බයිඩන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙසය.
‘ජනාධිපතිවරණය ජය ගන්න පුළුවන් යැයි ඔහු දැඩි විශ්වාසයකින් ඉන්නවා. ජනාධිපතිවරණය පරාජය වුවහොත්, එය ඔහුට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔහු බොහොම භයානක චරිතයක්’ යැයි 81 ක් හැවිරිදි බයිඩන් පැවැසුවේ මාධ්‍ය හමුවක් අතරතුරේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd