
ඇමෙරිකා ජාතික ගගන විද්‍යා සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් ‘නාසා’ ආයතනයේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ජෙරාඩ් අයිසෙක්මන් නම් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
පසුගිය නොවැම්බර් ඇමෙරිකන් ජනාධිපතිවරණය ජයගත් ට්‍රම්ප් ලබන ජනවාරියේ ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇත. බිලියනපති ව්‍යාපාරික ජැරඩ් අයිසෙක්මන් ගගන සංචාරකයකු ලෙස ‘ස්පේස් එක්ස්’ ගගන කැප්සියුලයකින් අභ්‍යවකාශයට ගොස් තිබේ. 41 හැවිරිදි අයිසෙක්මන් අභ්‍යවකාශයට ප්‍රිය කරන අයෙකි.
‘ස්පේක් එක්ස්’ යනු ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ගේ ප්‍රධාන සමාගමකි. ‘ස්පේක් එක්ස්’ නාසා ආයතනය සමඟ එක් වී කටයුතු කරයි. ඉලොස් මස්ක්, ට්‍රම්ප්ට සහාය දෙන අතර, ට්‍රම්ප්ගේ උපදේශකයකු ද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd