
ඇමරිකානු වෙළඳපොළේ ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමේ අරමුණින්, ‘ජෝන්ස් පනත’ දින 30ක කාලසීමාවකට තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
‘ජෝනස් පනත’ යනු ඇමෙරිකාවේ දේශීය වෙරළබඩ නගර අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇමරිකානු ධජය සහිත නෞකා පමණක් භාවිත කළ යුතුයි යන නීතියයි.
මෙම නීතිය තාවකාලික අත්හිටුවීම මගින්, විදේශීය ඉන්ධන නැව්වලට මෙක්සිකෝ බොක්කේ සහ අනෙකුත් ඇමරිකානු ප්‍රදේශවල සිට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි පැවැසෙයි.
සාමාන්‍යයෙන් පනත මගින් පවතින සීමා කිරීම් ඉවත් කිරීමෙන්, නැගෙනහිර වෙරළ තීරයට අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් සහ පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරන බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd