
(ලුසිත ජයමාන්න)
ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි.
ජපන් විද්‍යාඥයන් මෙම යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමිනි. යානය සඳට ගොඩබෑමට නියමිත බව ද පැවැසෙයි.
ජපාන විද්‍යාඥයන් ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන ඔස්සේ, සඳට යානයක් යැවීමට උත්සහ ගන්නේ වසර ගණනක සිටය.
2022 වසරේ ද ජපන් විද්‍යාඥයන් සඳට යානාවක් ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.
පසුගිය මාසයේ ජපන් විද්‍යාඥයන් නව රොකට්ටුවක් අත්හදා බැලුවේය. එය අසාර්ථක වූයේ රොකට්ටුව පුපුරා යෑමෙනි.
විද්‍යාඥයන් සඳට යැවීමට සූදානම් වන්නේ මීටර් 2.4 ක් උස, මීටර් 2.7 ක් පළල, මීටර් 1.7 ක් දිග කිලෝ ග්‍රෑම් 700 ක් බර රොබෝ යානයකි.
ජපානයේ සුප්‍රකට සෙල්ලම් බඩු සමාගමක් සමඟ එක් වී ජපන් විද්‍යාඥයන් නිර්මාණය කළ කුඩා රෝවර් යානයක් ද ‘මූන් ස්නයිපර්’ චන්ද්‍රයානය තුළ ඇත.
සඳුගේ පස පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වෙයි.
‘මූන් ස්නයිපර්’ යානය උඩු ගුවනට තල්ලු කරන රොකට්ටුව ආධාරයෙන් චන්ද්‍රිකාවක් ද අභ්‍යවකාශයට යැවීමට කටයුතු කරන බව ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
අභ්‍යවකාශයට යැවෙන ‘මූන් ස්නයිපර්’ යානය යානය, පෘථිවි ගුරුත්ව බලය යොදා ගනිමින්, සඳ බලා යනු ඇත. ඒ සඳහා මාස කීපයක් ගත වනු ඇතැයි ජපාන විද්‍යාඥයෝ පැහැදිලි කරති.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානයත් සඳ අල්ලන්න යානයක් යවන්න හදයි
සල්ලි Monday, 28 August 2023 07:29 AM
ජපානයට ඔය වැඩේට ඩොලර් මිලියන කීයක් යයිද?
කිරිපතා Monday, 28 August 2023 09:40 AM
ඵල ප්‍රයෝජන කෙසේ වෙතත් දැන් තියෙන්නේ රටවල් අතර තරඟයක්. අන්තිමට හඳේ තාක්ෂණික අප ද්‍රව්‍ය ගොඩ ගැහෙයි. රටවල් හඳට අයිතිවාසිකම් කියාගෙන යුද්ධයකට සැරසෙයි.
ගමේ එකාලා Monday, 28 August 2023 04:19 PM
මැදමූලනේ චිචීට දැන්නුවා නම් එයත් එකක් යවයි. රටට ඇරපු අයට ඕවත් වැඩ නෙවෙයි..!