ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ අධිරාජිනී මසාකෝ ඉන්දුනීයාවේ ජකර්තා බලා පැමිණියහ. 2019 වසරේ කිරුළ හිමිවීමෙන් පසු, නරුහිතෝ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය නිල සංචාරයක් අරඹමින් ඉන්දුනීසියාව බලා පැමිණි පළමු අවස්ථාව මෙයයි.
අග්නිදිග ආසියානු කලාපයේ ආර්ථික බලවතකු ලෙස ඉන්දුනීසියාව සැලකෙයි. අධිරාජ්‍යයා සහ අධිරාජිනිය ලබන 23 වැනිදා තෙක් ඉන්දුනීසියාවේ රැඳී සිටිනු ඇත. ඔවුන් ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හමුවනු ඇත්තේ ජනාධිපති මාලිගයේදීය.
දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය ඉන්දුනීසියාව අල්ලා ගෙන සිටියේය. ඒ, වසර තුකත් තිස්සේය. දෙවැනි ලෝක යුද්ධයේ දී දිවි පිදූ ජපාන සහ ඉන්දුනීසියානු සොල්දාදුවන් වෙනුවෙන් හමුදා සැමරුමකට ද අධිරාජ්‍යයා සහ අධිරාජිනිය සහභාගී වීමට නියමිතව සිටි බව ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජපන් අධිරාජ්‍යයා ඉන්දුනීසාවේ සංචාරයක