
ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ අධිරාජිනී මසාකෝ ඉන්දුනීයාවේ ජකර්තා බලා පැමිණියහ. 2019 වසරේ කිරුළ හිමිවීමෙන් පසු, නරුහිතෝ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය නිල සංචාරයක් අරඹමින් ඉන්දුනීසියාව බලා පැමිණි පළමු අවස්ථාව මෙයයි.
අග්නිදිග ආසියානු කලාපයේ ආර්ථික බලවතකු ලෙස ඉන්දුනීසියාව සැලකෙයි. අධිරාජ්‍යයා සහ අධිරාජිනිය ලබන 23 වැනිදා තෙක් ඉන්දුනීසියාවේ රැඳී සිටිනු ඇත. ඔවුන් ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හමුවනු ඇත්තේ ජනාධිපති මාලිගයේදීය.
දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය ඉන්දුනීසියාව අල්ලා ගෙන සිටියේය. ඒ, වසර තුකත් තිස්සේය. දෙවැනි ලෝක යුද්ධයේ දී දිවි පිදූ ජපාන සහ ඉන්දුනීසියානු සොල්දාදුවන් වෙනුවෙන් හමුදා සැමරුමකට ද අධිරාජ්‍යයා සහ අධිරාජිනිය සහභාගී වීමට නියමිතව සිටි බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd