IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ජනසංහාරය නවත්වන්න: ඉරාන රජය ඉල්ලයි

ගාසා තීරයට පහර දෙමින්, ඊශ්‍රායලය සිදු කරන ජන සංහාර වහා නැවැත්වීමට මැදිහත් වෙන්නැයි ඉරානය, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වුණු රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඉරාන රජය වෙනුවෙන් එම ඉල්ලීම කළ ඇත්තේ ඉරාන විදේශ අමත්‍යාංශයයි. ඉරාන විදේශ අමත්‍යාංශ ප්‍රකාශක ඉස්මායිල් බගායී මෙම ඉල්ලීම කළේ ටෙහෙරාන් අගනුවර මාධ්‍ය හමුවක් අතරතුරේ ගාසා තීරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න නැගූ අවස්ථාවේදීය.

ට්‍රම්ප් දීර්ඝ කාලීනව, ඊශ්‍රායලයේ සමීප මිතුරකු බැවින්, ඔහු ඉරානය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

මැතිවරණ සමයේ දී ට්‍රම්ප් ඝාතන සැලැසුම් ක්‍රියාත්මක වූ අතර, එම සැලැසුම් පසුපස සිටින්නේ ඉරානය සහ ඉරානයේ විප්ලවීය හමුදාව යැයි දිගින් දිගටම චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව, ට්‍රම්ප් ඉරානයේ ඉල්ලීමට කන්දෙනු ඇතැයි සැකසහිත බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සංවිධානය අතරේ පවතින ගැටුම් නිරාකරණය කර දී, සටන් විරාමයක් සඳහා මැදිහත් වීමට තමන් ද සූදානම් බව රුසියාව පවසා ඇත.



අදහස් (0)

ජනසංහාරය නවත්වන්න: ඉරාන රජය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1495 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1331 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site