
‘ජී7’ රාජ්‍ය නායක සමුළුව ඉතාලියේ ඇක්විලා (පුගිලා) පළාතේ ආරම්භ විය.
මෙවර සමුළුව පැවැත්වෙන්නේ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මෙලෝනිගේ ප්‍රධානත්වයෙනි.
‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් වන්නේ, ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, කැනඩාව සහ එක්සත් රාජධානියයි.
සමුළුව පැවැත්වෙන්නේ, ඇක්විලා පළාතේ, බෝර්ගෝ එග්නාසියා ෆැසානෝ නිවාඩු නිකේතනයේදීය. ඉතාලියේ ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවක් පැවැත්වෙන 7 වැනි වතාව මෙයයි.
ලෝක දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සමුළුවේ අරමුණය.
ඊට අමතරව, මෙවර සමුළුවේ දී, ලොවට බලපෑමක් කර ඇති කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ගැන ද ලෝක නායකයන්ගේ වැඩි අවධානයක් යොමු වනු ඇතැයි පැවැසෙයි.
‘ජී7’ රටවල් 7 ට අමතරව, තවත් ලොව ප්‍රධාන රටවල් කීපයක රාජ්‍ය නායකයෝ ද ඉතාලියේ පැවැත්වෙන සමුළුවට සහභාගී වෙති.
පිටපිට තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු නරේන්ද්‍ර මෝදි ද සහභාගී වෙයි.
ඇමෙරිකන් මාධ්‍ය පවසා ඇත්තේ මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් ද ‘ජී7’ සමුළුවට සමගාමීව පැවැත්වෙනු ඇති බවය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ජී7’ නායක සමුළුව ඉතාලියේ ඇරැඹෙයි