
ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ උතුරින්, අන්දීස් කඳුකරයේ පිහිටි ‘ලස්කාර්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගැනීමත් සමඟ අඩි 20,000 ක් ඉහළට දුම්වලා නිකුත් වීම ඇරැඹිණි.
දුම්වලා පැතිරීම හේතුවෙන් සියලු ගුවන් ගමන් තාවකාලිකව නැවැත්වීමට චිලී ගුවන් පාලන අධිකාරිය කටයුතු කළේය.
ඊට අමතරව ‘ලස්කාර්’ ගිනි කන්ද පාමුල කිලෝ මීටර් 5 ක් දුර සිටි සියලු දෙනා එම පළාත්වලින් ඉවත් කිරීම ද සිදුවිය. ඒ හමුදාවේ මැදිහත් වීමෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd