කොවිඩ් රෝගීන් වාර්තා වීම නැවත වරක් ඉහළ යාම හේතුවෙන් චීනයේ විශාලතම නගරය වන ෂැන්ග්හායි හි පාසල් වලට මාර්ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරන්න යැයි ෂැන්ග්හායි අධ්‍යාපන කාර්යාංශය උපදෙස් ලබා දී ඇත.
එසේම අද (19) දින සිට පෙර පාසැල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා තැබීමටද ෂැන්ග්හායි බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. චීනයේ ඇති වූ විරෝධතා හේතුවෙන් කොවිඩ් නීති ලිහිල් කළ අතර ඒ හේතුවෙන් කොවිඩ් රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇත.
එසේම කොවිඩ් නීති ලිහිල් කිරීම හේතුවෙන් ලබන වසරේ චීනයේ කොවිඩ් ව්‍යාප්තිය විශාල වශයෙන් ඉහළ යා හැකි බවත් මරණ සංඛ්‍යාව මිලියනයකට අසන්න විය හැකි බවත් එක්සත් ජනපදය පදනම් කරගත් සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනය පුරෝකථනය කර තිබේ.
ලබන වසරේ අප්‍රේල් පළමුවෙනිදා වන විට චීනයේ කොවිඩ් ව්‍යාප්තිය උච්චතම ස්ථානයකට පැමිණෙනු ඇති බවත් එම කාලයේදී මරණ සංඛ්‍යාව 322000 කට අසන්න වනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් මුරේ පවසයි.
චීනයේ ජනගහණයෙන් 3 න් එකකට කොවිඩ් රෝගය බෝවෙනු ඇති බව සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනය පුරෝකථනය කර තිබේ.
(රොයිටර්)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
චීනෙය් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන