
චීනයේ සිංජියැං පළාත ඊයේ (22) සවස රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්‍රබලක්වයකින් යුත් භූමි කම්පාවකින් කැලැඹිණි.
භූමි කම්පාවේ ප්‍රබලත්වය, ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දැනුණු බවත්, නවදිල්ලි අගනුවර ගොඩනැගිලි පවා දෙදෙරා ගිය බවත් වාර්තා වේ.
චීන භූ විද්‍යාඥයන්ට අනුව, භූමි කම්පාව හටගෙන ඇත්තේ, දකුණුදිග සිංජියැං පළාතේ, කිලෝ මීටර් 80 ක් ගැඹුරේය. මෙම ප්‍රබල භූමි කම්පාවට පෙර, චීනයේ නිරිතදිග කඳුකර පළාත් රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැලැඹිණි.
එම භූමි කම්පාවත් සමඟ නානයෑම් හටගත් අතර, ගම්මාන කීපයක් පස්වලින් යට විය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක වෙයි. චීන මාධ්‍ය පවසා ඇත්තේ නායයෑම් හේතුවෙන් කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන් හතලිස් දෙදෙනකු අතුරුදන් බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් චීනයට වෙන දේවල් ඉන්දියාවට දැනෙනවා.