
චීනයේ පාසලක් ඉදිරිපිට පදික වේදිකාවට වේගයෙන් ආ මෝටර් රථයක් කඩා වැදීමෙන් පදික වේදිකාවේ සිටි පාසල් දරුවන් පස් දෙනකු මියගිය බවත් තවත් පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා පන්වා දෙයි. මෝටර් රථය කඩා වැදුණේ හුබෙයි පළාතේ, සිංග්චැංග් ප්‍රාථමික පාසල ඉසිරියේ පිහිටි පදික වේදිකාවටය.
මෝටර් රථය පැදවූ තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි. ඔහු 39 හැවිරිදි තරුණයෙකු බව පැවැසෙයි. තරුණයා හිතාමතා පාසල ඉදිරිපිට සිටි දරුවන් ඇතුළු පිරිස යට කළ බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd