IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


චීනයේ ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය දරුණුයි

ජනතා විරෝධය හේතුවෙන්, ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමට චීන රජය පියවර ගැනීමත් සමඟ එරට ‘කොවිඞ් 19’ වසංගතය උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් චීන සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ, චීන ජනගහනයෙන් සියයට 60 කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වනු ඇති බවත්, මිලියනයක් පමණ දෙනා වයිරසය හේතුවෙන් මිය යනු ඇති බවත්ය.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසන් වෙද්දීය. චීනයෙන් ආරම්භ වුණු වයිරසය ගෝලීය වසංගතයක් බවට පත් වූයේ 2020 දීය.

2021 වසර අවසන් වනවිට සාර්ථක එන්නත්කරණයකින් වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට හැකිවුණු අතර, ‘කොවිඞ් 19’ වයිරසයේ සැර බාල වීමක් ද සිදුවිය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් තව දුරටත් බියක් ඇති කරගත යුතු නැති බවය. කෙසේ නමුත් තවමත් ඒ බව නිල වශයෙන් නිවේදනය කර නැත.

චීනය එරට ජනතාවට ලබා දුන්නේ දේශීය වශයෙන් නිපදවූ ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ය. කෙසේ නමුත් ඒවා බටහිර රටවල එන්නත් තරම් සාර්ථක නොවිණි. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව, චීන රජය ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට පටන් ගත්තේ ආසාදිතයන් සිටී නම්, නගර සහ පළාත් මුළුමනින්ම ලොක්ඩවුන් කරමිණි.

එසේ දින ගණන් ලොක්ඩවුන් කිරීම චීන වැසියන්ගේ දෛනික කටයුතුවලට බාධාවක් විය. චීන වැසියන් එරට පාලක කොමියුනිස්ට් පක්ෂ රජයට එරෙහි විරෝධතා පවත්වන්න වූයේ ඒ නිසාය. රට පුරා විරෝධතා උත්සන්න වෙද්දී, සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජය තීරණය කළේය. වයිරස ආසාදිතයන් ඉහවහා යෑම සිදුවූයේ ඉන්පසුවය.

(රොයිටර්)



අදහස් (0)

චීනයේ ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය දරුණුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2197 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site