
‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑ ‘වික්‍රම්’ රොබෝ යානයේ ත්‍රිමාණ ඡායාරූපයක් සකස් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වූහ.
මෙම ත්‍රිමාණ ඡායාරූපය සකස් කර ඇත්තේ, ‘වික්‍රම්’ යානය සඳට රැගෙන ගිය ‘ප්‍රාග්යාන්’ නමැති කුඩා රොබෝ රෝවර් යානය එහි කැමරාවෙන් ලබා ගත් ඡායාරූප එක් කරමිනි. එම ත්‍රිමාණ ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට ද ඉන්දීය විද්‍යාඥයෝ මේවනවිට කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd