සඳට ගොඩ බෑමට සූදානමින්, සඳුගේ කක්ෂයට පිවිසි, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය ලබා ගත් සඳුගේ ඡායාරූප මේවනවිට පෘථිවියට ලැබෙන්න සලස්වා තිබේ.

‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය සඳට ගොඩබෑම සිදු කරන්නේ ලබන 23 වැනිදාය.

‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය, මවු යානයක් වැනිය. ඒ තුළ ‘වික්‍රම්’ නමින් පතිත කරවන යානයක් සහ ‘ප්‍රාග්යාන්’ යන නමින් රෝද සහිත රෝවර් යානයක් ද ඇත.