
චීන කොම්යුනිස්ට් පක්ෂ සාමාජිකයකු වන අර්කින් ටූනියාස්ගේ ලන්ඩන් සංචාරය අවලංගු කර ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණැයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පවසයි.
ෂින්ජියෑන් පළාතේ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ටූනියාස් ලන්ඩන් නුවරට පැමිණීම වළක්වාලන ලෙස එක්සත් ජනපද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීමක්ද කර තිබිණ.
වයඹ දිග චීනයේ ෂින්ජියෑන් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසද ටූනියාස් කටයුතු කර ඇත.
බ්‍රිතාන්‍ය රජය ටූනියාස්ට ලන්ඩන් නුවර සංචාරයක් සඳහා නිල වශයෙන් ආරාධනා නොකළ බවත් අමාත්‍යවරයකු හමුවීම සඳහා අවස්ථාව ලබා නොදුන් බවත් විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දී ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd