
දකුණුදිග චීනයේ කදුකරයේ අධිවේගී මාර්ගයක් හිටිහැටියේ නායයෑමකට හසුවිය. අධිවේගී මාර්ගයේ මීටර් 18 ක කොටසක් නාය ගියේ, අධිවේගයේ ගමන් කරමින් තිබුණු මෝටර් රථ 20 ක් ද සමඟය.
පස් තට්ටු අතරේ සිරවුණු මෝටර් රථවල සිටි 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. චීනය සති කීපයක පටන් අයහපත් කාලගුණයෙන් බැට කයි.
නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පළාත් සහ නගර රැසක් ජලයෙන් යටවී ඇත. නායයෑමට හේතුව ද අයහපත් කාලගුණය බව පැවැසෙයි. පස් තට්ටු යට සිරවුණු පිරිස මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහන සේවකයන් සහ හමුදාවේ 500 කට වැඩි පිරිසක් යෙදවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd