IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චෝදනාවලට පිළිතුරු දෙන්න ඉරාන ජනපති මැතිසබය හමුවට

අයථා පාලනය සහ නීති විරෝධී පත්වීම් ලබාදීම යන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරියේ පෙනී සිටීමට ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජ්ද්ට සිදුවිය. මේ අයුරින් කරුණු දැක්වීමක් සඳහා ඉරාන ජනපතිවරයකු එරට පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටි පළමු වැනි අවස්ථාව ද මෙයයි. එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ජනපති අහමදිනෙජාද් දෙන පිළිතුරු ගැන පාර්ලිමේන්තුව සෑහීමකට පත් නොවන්නේ නම්, ජනපති ධුරය පවා ඔහුට අහිමි කිරීමට ඉරාන පාර්ලිමේන්තුවට බලතල තිබේ. ඉරාන ජනපති අහමදිනෙජාද්ට එරෙහි එම චෝදනා එල්ල වූයේ පසුගිය දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය පරාජය වීමත් සමඟය. එම මැතිවරණයේදී ජයග‍්‍රහණය කළේ ඉරාන ආගමීක නායක අයිතුල්ලා අලී කුමේනිට හිතවත් දේශපාලන පක්ෂයයි. ජනපති අහමදිනෙජාද්  පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවීමට කුමේනී මාස කිහිපයක් තිස්සේ උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූ අතර ඔහුට ඒ සඳහා අවස්ථාව උදා වූයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනපති අහමදිනෙජාද් පසු බෑමකට ලක් වීම හේතුවෙනි. ඉරානයේ සුපිරි නයකයා වන්නේ ආගමීක නායක අයිතුල්ලා අලී කුමේනිය. මන්තී‍්‍රවරුන් 290 දෙනකුගෙන් සමන්විත ඉරාන පාර්ලිමේන්තුවට, හමුදාමය සහ න්‍යෂ්ටික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් බලතල නැත. එම බලතල ඇත්තේ කුමේනිටය. එපමණක් නොව ඉරානයේ බුද්ධි අංශ සහ විදේශ කටයුතු පිළිබඳ බලතල ඇත්තේ ද ආගමික නායකයාටය. ආගමික නායකයාට හිමි එම බලතල අහිමි කිරීමට ජනපති අහමදිනෙජාද් පසුගිය දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණය අවියක් කර ගෙන තිබුණි. පෙරේදා (14) පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටි ජනපතිවරයාගෙන් ප‍්‍රශ්න කෙරෙන අයුරු ඉරානයේ රාජ්‍ය ගුවන් විදුලිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණි. පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී රටේ බුද්ධි අංශ ප‍්‍රධානියා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනපති අහමදිනෙජාද් තීරණය කළ අවස්ථාවේදී ආගමීක නායක අයිතුල්ලා කුමේනී ජනපතිගේ එම තීරණයට විරුද්ධ වූයේය. එම සිද්ධියෙන් පසු අහමදිනෙජාද්, රාජකාරිවලින් ඈත් වී දින කිහිපයක් නිවසට වී සිටියේය. ඒ සම්බන්ධයෙන් ඇමැති අලී මොතාහරී ජනපති අහමදිනෙජාද්ගෙන් ප‍්‍රශ්න කළේය. මොතාහරී කියා සිටියේ ජනපති අහමදිනෙජාද් එසේ කළේ ආගමීක නායක කුමේනීට සිය විරෝධය පළ කිරීමට බවය. ඇමැතිවරයාගේ පැනයට පිළිතුරු දෙමින්, ජනපති අහමදිනෙජාද් කියා සිටියේ තමා අසනීප වූ නිසා ගෙදර නතර වූ බවත් ආගමීක නායක කුමේනීට විරෝධයක් පළ කිරීම හෝ ඔහුට අපහාසයක් සිදු කිරීමට හෝ තමා අදහස් නොකළ බවත්ය.



අදහස් (0)

චෝදනාවලට පිළිතුරු දෙන්න ඉරාන ජනපති මැතිසබය හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site