
ගාසා තීරයේ අල් ෂිෆියා රෝහලටත්, අල් අස්කා රෝහලටත් ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේ, තමන්ට ලැබුණු වාර්තා අනුව, එම ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
අල් ෂෆියා රෝහලට එල්ල කළ ප්‍රහාරවලින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීහු 21 දෙනෙක් මියගියහ. ඊට අමතරව, රෝහලේ රැඳී සිටි පලස්තීන මාධ්‍යවේදීන් සිවු දෙනෙකු ද මියගිය බව පැවැසෙයි.
අල් අස්කා රෝහලට එල්ල වුණු ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරවලින් මියගිය රෝගීන් ගණන 4 කි. ඊශ්‍රායලය මෙම රෝහල්වලට පහර දී ඇත්තේ, ඒවායේ හමාස් සටන්කාමීන් රැඳී සිටින බව පවසමිනි. එම ප්‍රහාරයෙන් රෝහලේ සිටි මාධ්‍යවේදීන් 7 දෙනකු තුවාල ලැබූ ද වාර්තා විය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd