
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ 60 මිනිටිස් වැඩසටහනට පෙනී සිටිමින් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය මේ වනවිට ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් පහර දෙයි. ඒ, ගාසා තීරයේ උතුරු කොටසේ සිටින පලස්තීන වැසියන්ට වහා දකුණු කොටසට යන්නැයි පැය 24 ක් කල් දීමෙන් ද පසුවය.
හමාස් සටන්කාමීන් දේශසීහා හරහා ඊශ්‍රායලයට පහර දීම ආරම්භ කළේ පසුගිය 7 වැනිදාය. එම අවස්ථාවේ ඊශ්‍රායල වැසියන් 150 දෙනකු හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබුණි. ඔවුන් ගාසා තීරයේ උතුරු කොටසට රැගෙන ගොස් ඇතැයි පැවැසෙයි. ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන්නේ එම ප්‍රාණ ඇපයේ සිටින පිරිස සොයන අතරතුරේය.
ප්‍රහාර එල්ල කිරීමට පෙර ගාසා තීරයේ සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථානවලට යන්න ඉඩ ලබා දෙන්නැයි තමව් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලීමක් කළ බවත්, නෙදන්යාහු ඊට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.
මේ අතර හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී ඊශ්‍රායලයට සහාය දක්වන බව පවසමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායලයේ සංචාරයකට යෑමට සූදානමින් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තාකර තිබේ. මේ වනවිටත් ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස ඇමෙරිකන් නාවික හමුදාවේ ප්‍රබල යුද නැව් දෙකක් මධ්‍යධරණී මුහුදට සේන්දු වී ඇතැයි ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාසා තීරය අත්පත් කරගැනීම වරදක් වේවි - බයිඩන්