
සිරියාවට මැදිව පිහිටි ගෝලාන් කඳුකරයේ තමන් අත්පත් කරගත් පළාත්වල ඊශ්‍රායල ජනාවාස පිහිටුවීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා ඇත.
මෙය අසල්වැසි මුස්ලිම් රටවලත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සිරියාවත් යුදෙව් ඊශ්‍රායලයත් අසල්වැසි රටවල් වන අතර, ගෝලාන් කඳුකර භූමිය පිහිටා ඇත්තේ සිරියාව සහ ඊශ්‍රායලය අතරේය. ඊශ්‍රායලය මෙම භූමියේ පළාත් සෙමින් සෙමින් ආක්‍රමණය කරමින්, ඒවා ඊශ්‍රායලයට එක් කර ගනිමින් එරට යුදෙව්වන් සඳහා ජනාවාස පිහිටුවයි.
ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන් වදිද්දී පවා, ඊශ්‍රායලය ගෝලාන් කඳුකරයේ තවත් පළාත් කීපයක් අල්ලා ගත්තේය.
අසාද් පාලනය ෂියා මුස්ලිම්ය. ෂියා මුස්ලිම් වැසියන් සිරියාවේ සුළුතරයයි. බහුතරය සුන්නි මුස්ලිම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd