IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගඳ සුවඳත් නරකට හිටී

ලූනු කැපීම් දී පිටවන ගන්දය හේතුවෙන් හිසරදය හා ඉරුවාරදය ඇතිවන බව පර්යේෂකයන් පිරිසක් තහවුරු කැර ඇත.

ඉරුවාරදයෙන් පෙළෙන රෝගීන්ගේ සියයට 50ට වඩා වැඩි පිරිසක් යම් යම් ගන්ධයනට සංවේදීතාවක් දක්වන බව ද පර්යේෂකයෝ කියති. මේ තත්ත්වය ඔස්මො‍ෆෝබියාව ලෙස හදුන්වයි. ඒ තත්ත්වයට වඩාත ගොදුරු වී ඇතතේ ස්ත්‍රීන් වීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍ය ජනගහණයෙන් සියයට 15ක් පමණ ඉරුවාරදයෙන් පෙලෙන්නෝ වෙති. මොළයේ ස්වභාවික රසායනිකයන්ගේ වෙනස් වීමෙන් මේ තත්ත්වය ඇති වේ. එවැනි රෝගීන්ගෙන් සියයට 75.9ක් පමණ ආතතිය, හෝමෝන උච්ඡාවචනය, කාලගුණය, නින්දට ඇතිවන බාධා, ආහාර හා හිරුඑළියට නිරාවරන්‍ය විම යන විවිධ හේතූන් ද ඒ අතර ඇත. ලූනු මගින් හිසරදය ඇතිවේ. ලූනු වල ගන්ධය ඉරුවාරදයේ මූලාරම්භයක් යැයි පර්යේෂකයෝ කියති.

ලූනු ගන්ධයට නිරාවරණය වීමෙන් ඉරුවාරදය ඇතවන බවත් සුදු ලූනු පවා ඒ අතර වන බවත් තහවුරු කැරගෙන ඇත. චිකාගෝහි සුවද හා රස පිළිබද පර්යේෂණ පදනම පවසන්නේ ලූනු ගන්ධයට නිරාවරණය වූ කාන්තාවකට පැයකින් ඉවසිය නොහැකි හිසරදයක් සමග ඇස්, නාසය දැවිල්ල, ඔක්කාරය, තෙහෙට්ටුව, උගුරේ වේදනාව, ආකූල ව්‍යාකූල බව, දිවේ බිබිලි දැමීම හා බෙල්ලේ වේදනාව වැනි රෝග තත්ත්ව ඇති වූ බවයි.

එවැනි තත්ත්වයන්ට ගොදුරුවන කාන්තාවන්ගේ නාසයේ ඇබයක ගසා තැබීමෙන් හෝ පෙපර්මින්ට් සුවද දැනෙන්නට සැළැස්වීමෙන් මේ තත්ත්වය මර්ධනය වන බව ද සොයාගෙන ඇත. ඔවුන් සිය පර්යේෂණ පත්‍රිකාවේ සදහන් කැර ඇත්තේ ලූනු සහ අනෙක් ගන්ධයන් මොළයේ යම් යම් ප්‍රදේශයන්හි චිත්තවේග පවා වෙනස් කරන බවයි.

ලිවර්පූල් සරසවියේ සම්මානනීය සම්මානනීය කතිකාචාර්ය සහ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ‍නිකොලස් සිල්වර් පවසන්නේ සුවද විලවුන්, ආහාර පිසිමට ගන්නා තෙල් වර්ග, මෝටර් රථ සුවදවත් කිරීමට යොදාගන්නා රසායනිකයන්, දුම්වැටිවලින් නිකුත්වන දුම් සහ පිරිසිදු කිරීමේ රසායනික මගින් ඉරුවාරදය ඇතිකරන බවයි.

 



අදහස් (0)

ගඳ සුවඳත් නරකට හිටී

ශාන්ති Saturday, 04 January 2014 01:24 AM

අනේ මටත් නිතරම හැදෙනවා ඔය හිසරදය.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 02 January 2014 08:57 PM

මේක බලද්දිත් හිසරදය වගේ. (ත)

:       0       0

ජගත් ලියනගේ Sunday, 05 January 2014 08:51 AM

සහතික ඇත්ත. ඔය පර්යේෂණය නං හරියටම හරි. කිරිබත් සමග ලුනු සම්බෝල කෑවොත් මට ඔලුව කැක්කුම හැදෙනවා මය (දී)

:       0       0

සියනි Friday, 03 January 2014 12:52 AM

කුමන හෝ දුර්ඝන්ධයක් තද සුවදක් හෝ දහදිය ගදක් මටද අඝ්‍රාහනය කල විට හිසරදය සෑදෙන බව අත්දැකීමෙන් දන්නෙමි. එලෙසින්ම ගොරෝසු සංගීතයෙනුත් මම පීඩා විදිමි. මේ සියලු දේ දන්නා නිසා හැකි තරම් එයින් ඇත්වී සිටින්නෙමි.(නදී)

:       0       0

වසන්ති Friday, 03 January 2014 08:08 AM

ඇත්තටම ඒක බලද්දී මටත් හිසරදය හැදුනා.(නදී)

:       0       0

කළණි Friday, 03 January 2014 07:51 PM

අප්පේ චිකාගෝ වල කට්ටිය හොයාගන්න දේවල්. අපි කාල හමාරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site