ලූනු කැපීම් දී පිටවන ගන්දය හේතුවෙන් හිසරදය හා ඉරුවාරදය ඇතිවන බව පර්යේෂකයන් පිරිසක් තහවුරු කැර ඇත.
ඉරුවාරදයෙන් පෙළෙන රෝගීන්ගේ සියයට 50ට වඩා වැඩි පිරිසක් යම් යම් ගන්ධයනට සංවේදීතාවක් දක්වන බව ද පර්යේෂකයෝ කියති. මේ තත්ත්වය ඔස්මොෆෝබියාව ලෙස හදුන්වයි. ඒ තත්ත්වයට වඩාත ගොදුරු වී ඇතතේ ස්ත්‍රීන් වීම විශේෂත්වයකි.
බ්‍රිතාන්‍ය ජනගහණයෙන් සියයට 15ක් පමණ ඉරුවාරදයෙන් පෙලෙන්නෝ වෙති. මොළයේ ස්වභාවික රසායනිකයන්ගේ වෙනස් වීමෙන් මේ තත්ත්වය ඇති වේ. එවැනි රෝගීන්ගෙන් සියයට 75.9ක් පමණ ආතතිය, හෝමෝන උච්ඡාවචනය, කාලගුණය, නින්දට ඇතිවන බාධා, ආහාර හා හිරුඑළියට නිරාවරන්‍ය විම යන විවිධ හේතූන් ද ඒ අතර ඇත. ලූනු මගින් හිසරදය ඇතිවේ. ලූනු වල ගන්ධය ඉරුවාරදයේ මූලාරම්භයක් යැයි පර්යේෂකයෝ කියති.
ලූනු ගන්ධයට නිරාවරණය වීමෙන් ඉරුවාරදය ඇතවන බවත් සුදු ලූනු පවා ඒ අතර වන බවත් තහවුරු කැරගෙන ඇත. චිකාගෝහි සුවද හා රස පිළිබද පර්යේෂණ පදනම පවසන්නේ ලූනු ගන්ධයට නිරාවරණය වූ කාන්තාවකට පැයකින් ඉවසිය නොහැකි හිසරදයක් සමග ඇස්, නාසය දැවිල්ල, ඔක්කාරය, තෙහෙට්ටුව, උගුරේ වේදනාව, ආකූල ව්‍යාකූල බව, දිවේ බිබිලි දැමීම හා බෙල්ලේ වේදනාව වැනි රෝග තත්ත්ව ඇති වූ බවයි.
එවැනි තත්ත්වයන්ට ගොදුරුවන කාන්තාවන්ගේ නාසයේ ඇබයක ගසා තැබීමෙන් හෝ පෙපර්මින්ට් සුවද දැනෙන්නට සැළැස්වීමෙන් මේ තත්ත්වය මර්ධනය වන බව ද සොයාගෙන ඇත. ඔවුන් සිය පර්යේෂණ පත්‍රිකාවේ සදහන් කැර ඇත්තේ ලූනු සහ අනෙක් ගන්ධයන් මොළයේ යම් යම් ප්‍රදේශයන්හි චිත්තවේග පවා වෙනස් කරන බවයි.
ලිවර්පූල් සරසවියේ සම්මානනීය සම්මානනීය කතිකාචාර්ය සහ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිකොලස් සිල්වර් පවසන්නේ සුවද විලවුන්, ආහාර පිසිමට ගන්නා තෙල් වර්ග, මෝටර් රථ සුවදවත් කිරීමට යොදාගන්නා රසායනිකයන්, දුම්වැටිවලින් නිකුත්වන දුම් සහ පිරිසිදු කිරීමේ රසායනික මගින් ඉරුවාරදය ඇතිකරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මටත් නිතරම හැදෙනවා ඔය හිසරදය.(නදී)
මේක බලද්දිත් හිසරදය වගේ. (ත)
සහතික ඇත්ත. ඔය පර්යේෂණය නං හරියටම හරි. කිරිබත් සමග ලුනු සම්බෝල කෑවොත් මට ඔලුව කැක්කුම හැදෙනවා මය (දී)
කුමන හෝ දුර්ඝන්ධයක් තද සුවදක් හෝ දහදිය ගදක් මටද අඝ්‍රාහනය කල විට හිසරදය සෑදෙන බව අත්දැකීමෙන් දන්නෙමි. එලෙසින්ම ගොරෝසු සංගීතයෙනුත් මම පීඩා විදිමි. මේ සියලු දේ දන්නා නිසා හැකි තරම් එයින් ඇත්වී සිටින්නෙමි.(නදී)
ඇත්තටම ඒක බලද්දී මටත් හිසරදය හැදුනා.(නදී)
අප්පේ චිකාගෝ වල කට්ටිය හොයාගන්න දේවල්. අපි කාල හමාරයි.(නදී)