IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගිනියා ජනපති නිග්වේමා තවත් ජනවරමක් ඉල්ලයි

ලොව දීර්ඝතම කාලයක් ජනාධිපති ධුරයේ සිටින ජනාධිපති ලෙස සැලකෙන ගිනියාවේ (සමක ගිනියාව) ජනාධිපති තියේදෝර් ඔබියැංග් නිග්වේමා යළිත් ජනවරමක් අපේක්ෂා කරයි. ඒ, ඊයේ (20) පැවැති මහ මැතිවරණයට ඉදිපත් වීමෙනි.

80 හැවිරිදි නිග්වේමා, ගිනියාවේ (සමක ගිනියාව) ජනාධිපති ධුරය හොබවන්නේ 43 වසරක් තිස්සේය. ගිනියාවේ (සමක ගිනියාව) යනු බටහිර අප්‍රිකාවට අයත් තෙල්වලින් පොහොසත් කුඩා රාජ්‍යයකි.

මහ මැතිවරණය ඊයේ (20) පැවැත්වූයේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට පමණක් නොව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත්, සෙනෙට් මණ්ඩලයටත් නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය.

සමක ගිනියාවේ මිලියන 1.5 ක ජනගහනයක් වෙසෙන අතර, ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන ලක්ෂ 4 කි. සමක ගිනියාවේ පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 100 කින් සමන්විත අතර, සෙනට් මණ්ඩලය ආසන 55 කින් සමන්විතය.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ජනාධිපති තියේදෝර් ඔබියැංග් නිග්වේමා යළිත් වරක් පහසු ජයක් හිමිවනු ඇති බවය. මේ වනවිට ජනාධිපති නිග්වේමා ධුර කාල 5 ක් සම්පූර්ණ කර ඇති අතර, සෑම මැතිවරණයකදීම සියයට 90 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය. 

(රොයිටර්)



අදහස් (0)

ගිනියා ජනපති නිග්වේමා තවත් ජනවරමක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 447 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site