
ඇමෙරිකාවේ නිෂ්පාදිත ‘ටමහෝක්’ වර්ගයේ ජපානය සාර්ථකව අත්හදා බැලූ අතර, ඊට උතුරු කොරියානු රජයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
කොරියානු රජය වෙනුවෙන් ජපානයට විරෝධය පළ කළේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජොංග්ය.
ජපානය සහ ඇමෙරිකාව එක් වී මේ වනවිට නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇත. ජපන් නාවික හමුදාව, ‘ටමහෝක්’ මිසයිලය අත්හදා බැලුවේ, පැසිෆික් සාගරයේ රඳවා ඇති ‘චෝකායි’ යුද නෞකාවේ සිටය.
මිසයිල අත්හදා බැලීම, උතුරු කොරියාවේ ආරක්ෂාවට තර්ජනයක් බවත්, මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන්, ජපානයට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවත් යෝ ජොංග්, තර්ජනය කර ඇතැයි ද පැවැසෙයි.
කිම් යෝ ජොංග් උතුරු කොරියාවේ උත්තරීතර නායක කිම් ජොං උන්ගේ බාල නැගණියයි. උතුරු කොරියානු නායකත්වයේ දෙවැනියා වන්නේ කිම් යෝ ජොංග් ය. කිම් ජොන් උන්ගේ සමීපතම මෙන්ම විශ්වාසවන්තම උපදේශකවරිය ලෙස කටයුතු කරන්නේ ඇයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට චීනය ළඟදී පැසිෆික් සාගරයේ ඉඳලා මිසයිලයක් ටෙස්ට් කළා. කිම් ජෝන් ඒකට සතුටුයිද?