
ඉන්දියාවේ ‘මැරියොන් බයෝටෙක්’ ඖෂධ සමාගමේ ‘කැස්ස පැණි’ දරුවන්ට ලබා දීම නවත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය, උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශයට උපදෙස් දී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ උපදෙස් දී ඇත්තේ, උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීමට නිපදවා ඇති මෙම ‘කැස්ස පැණිය’ ලබා ගත් උස්බෙකිස්තානයේ කුඩා දරුවන් 18 දෙනකු මියයෑම හේතුවෙනි.
එම මරණ පිළිබඳ උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කළේය. ඉන්පසු ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කැස්ස පැණිය’ සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්වීය. ‘කැස්ස පැණිය’ දරුවන්ට දීම නවත්වන්නැයි තීරණය කෙරුණේ එම විමර්ශනයෙන් පසුවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd