
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් අරඹමින් කුවේට් රාජ්‍යය බලා ගියේය. කුවේට් එමීර් ෂෙයික් මෙෂාල් අල් අහ්මද් අල් ජබාර් අල් සබාහ්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු කුවේට් රාජ්‍යයේ සංචාරයක නියැලෙන්නේ වසර 43 කට පසුව වීම විශේෂත්වයකි. අවසන් වරට කුවේටයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරිය වන්නේ ඉන්දිරා ගාන්ධිය.
අග්‍රාමාත්‍ය මෝදි කුවේට් සංචාරයට පැමිණියේ කුවේට් එමීර්වරයාගේ ඇරැයුමක් පිළිගනිමිනි. බයාන් රජ මාලිගයේ දී කුවේට් එමීර් ෂෙයික් මෙෂාල් අල් අහ්මද් අල් ජබාර් අල් සබාහ්, අග්‍රාමාත්‍ය මෝදිට ‘මුබාරක් අල් කබීර්’ ගෞරව නාමය ප්‍රදානය කළේය.
මෙය කුවේටයේ ඉහළම ගෞරව සම්මානය ලෙස සැලකෙයි. මෙය නයිට් පදවියකට සමානය. මෝදි කුවේටයේ සැබෑ මිතුරකු බව පෙන්වා දෙමින්, මෙම ගෞරව නාමය ප්‍රදානය කරන බව කුවේට් එමීර්වරයා අවධාරණය කළේය. විදේශයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පිරිනැමුණු 20 වැනි ගෞරව සම්මානය වන්නේ ද මෙයයි.
ඉන්දියාවත් කුවේට් රාජ්‍යයත් අතරේ යහපත් සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම පවතින සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම මෝදිගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.
අග්‍රාමාත්‍ය මෝදි, කුවේට් ඔටුන්න හිමි සාබා අල් කලීඩ් අල් සාබා මෙන්ම කුවේට් අග්‍රාමාත්‍යවරයා ද හමුවී සාකච්ඡා පැවැත්වීය. ඊට අමතරව කුවේටයේ ඉන්දීය ප්‍රජාව හමුවී සුහද කතාබහක නියැලීමට ද මෝදි අමතක කළේ නැත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුවේට් රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට