
ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විරෝධතා පවත්වමින් සිටි විශ්ව විද්‍යාල සිසුන්ට ද පොලිස් ප්‍රහාරයක් එල්ල විය. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙ විරෝධතා පැවැත්වෙන්නේ, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන්, එම ප්‍රහාර වහා නවත්වන්නැයි බල කරමිණි.
විශ්ව විද්‍යාල භූමියට කඩා වැදුණු කැරැලි මර්දන පොලිස් නිලධාරීන් පහර දෙමින්, විශ්ව විද්‍යාල භූමියේ කඳවුරු බැඳගෙන විරෝධතා දක්වන්න වූ සිසුන් විසුරුවා හැරිය බවත්, සිසුන් 300 දෙනකු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි.
ඇමෙරිකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල රැසක මේ වනවිට ඊශ්‍රායල විරෝධී විරෝධතා පැවැත්වෙයි. ඒ, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට සහාය දක්වමිණි. විරෝධතාවට එක් වී සිටින සිසුන්, ඇමෙරිකා රජයට දොස් කියයි. ඒ, ඇමෙරිකා රජයේ සහාය ඊහ්‍රායලයට කොන්දේසි විරහිතව ලැබෙන බැවිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd