
රුසියාවට සහාය දක්වමින් රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී සිටින උතුරු කොරියානු සොල්දාදුවන් බොහෝ දෙනකු මේ වනවිට යුක්රේන හමුදා ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් සෙබළුන් කීප දෙනකු තුවාල ලබා සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි.
උතුරු කොරියානු සෙබළුන් මියගොස් ඇත්තේ, රුසියාවේ කුර්ක්ස් දේශසීමා ප්‍රදේශයේ පැවැති සටන්වලදීය. යුක්රේන බුද්ධි අංශ පවසන ආකාරයට මියගිය උතුරු කොරියානු සෙබළුන් ගණන 30 කට වැඩිය. කෙසේ නමුත්, රුසියාව හෝ උතුරු කොරියාව හෝ මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත. රුසියන් යුක්රේන යුද්ධයට මැදිවී සිටින උතුරු කොරියානු සොල්දාදුවන් ගණන 11,000 කි.
රුසියාව සහ උතුරු කොරියාව අතරේ සමීප මිතුදම් පවතී. උතුරු කොරියාවේ මිසයිල වැඩසටහනටත්, එරට අභ්‍යවකාශ වැඩසටහනටත් අනුග්‍රහය දක්වන්නේත් සහාය දක්වන්නේත් රුසියාවය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ පවතින මෙම හිතවත්කම නිසාය.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොරියන් සෙබළු 30 ක් යුද්ධයෙන් මැරිලා