IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොරියානු නායකයා තවමත් රුසියාවේ

දේශසීමා හරහා, වෙඩි නොවදින විශේෂ දුම්රියකින්, රුසියාවේ ව්ලැදිවොස්ටොක් නුවරට ගිය උතුරු කොරියා නායක කිම් ජොන් උන් තවමත් රුසියාවේ සිටින බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව පැවැත්වූයේ පසුගිය 12 වැනිදාය.

රුසියන් ජනාධිපති පුටින්ගෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. උතුරු කොරියාවේ සංචාරයකට එන්නැයි නායක කිම් ජොන් උන්, පුටින්ට ඇරැයුම් කළ අතර පුටින් එම ඇරැයුම පිළිගත්තේය.

කිම් ජොන් උන් සහ පුටින් අතර පැවැති හමුව සම්බන්ධයෙන් රුසියානු රජය හෝ උතුරු කොරියානු රජය හෝ කිසිවක් පවසා නැත. එසේ වුවත් ඇමෙරිකාව පවසා ඇත්තේ, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව පැවැත්වූයේ ආයුධ ගනුදෙනුවකට බවය.

ආයුධ අවහ්‍ය වී ඇත්තේ රුසියාවටය. ඒ, රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් ගෙන යන හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙනි. බටහිර සම්බාධක හේතුවෙන් රුසියාවට ආයුධ මිලදී ගැනීමට සිටින මිතුරන්ගෙන් කෙනකු වන්නේ උතුරු කොරියාවය.

 



අදහස් (0)

කොරියානු නායකයා තවමත් රුසියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site