
දේශසීමා හරහා, වෙඩි නොවදින විශේෂ දුම්රියකින්, රුසියාවේ ව්ලැදිවොස්ටොක් නුවරට ගිය උතුරු කොරියා නායක කිම් ජොන් උන් තවමත් රුසියාවේ සිටින බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව පැවැත්වූයේ පසුගිය 12 වැනිදාය.
රුසියන් ජනාධිපති පුටින්ගෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. උතුරු කොරියාවේ සංචාරයකට එන්නැයි නායක කිම් ජොන් උන්, පුටින්ට ඇරැයුම් කළ අතර පුටින් එම ඇරැයුම පිළිගත්තේය.
කිම් ජොන් උන් සහ පුටින් අතර පැවැති හමුව සම්බන්ධයෙන් රුසියානු රජය හෝ උතුරු කොරියානු රජය හෝ කිසිවක් පවසා නැත. එසේ වුවත් ඇමෙරිකාව පවසා ඇත්තේ, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව පැවැත්වූයේ ආයුධ ගනුදෙනුවකට බවය.
ආයුධ අවහ්‍ය වී ඇත්තේ රුසියාවටය. ඒ, රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් ගෙන යන හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙනි. බටහිර සම්බාධක හේතුවෙන් රුසියාවට ආයුධ මිලදී ගැනීමට සිටින මිතුරන්ගෙන් කෙනකු වන්නේ උතුරු කොරියාවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd