
රුසියාවට සහාය පළ කරමින්, යුක්රේන යුද්ධයට සම්බන්ධ වී සිටින, උතුරු කොරියානු සොල්දාදුවන් පිරිසක්, යුක්රේන හමුදාව විසින් අල්ලා ගනු ලැබූ බව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවකදී පැවැසීය.
රුසියානු යුක්රේන යුද්ධයේ දී, රුසියාවට සහාය පළ කරමින්, ඊට සම්බන්ධ වී සිටින උතුරු කොරියානු සොල්දාදුවන්, යුක්රේන හමුදා අත්අඩංගුවට පත් වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
කෙසේ නමුත්, යුක්රේන හමුදා විසින් අල්ලා ගනු ලැබූ අවස්ථාවේදී, එම උතුරු කොරියානු සොල්දාදුවන් බරපතල ලෙස තුවාල ලබා සිටි බවත්, එම තුවාල හේතුවෙන් ඔවුන් සියලු දෙනා මියගිය බවත් යුක්රේන ජනාධිපති වැඩි දුරටත් පැහැදිලි කර ඇත. උතුරු කොරියානු සොල්දාදුවන් තුවාල ලැබුවේ, යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරයකිනි.
‘යුද සිරකරුවන් ලෙස අපේ සොල්දාදුවන් උතුරු කොරියානු සොල්දාදුවන් අල්ලා ගත්තා. ඒත් ඒ වනවිටත් ඔවුන් බරපතල ලෙස තුවාල ලබා සිටියා. අපි ඔවුන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දුන්නා. ඒත් ඔවුන් එම තුවාල හේතුවෙන් මියගියා’ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පැහැදිලි කළේය.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ පවතින්නේ සමීපතම මිත්‍රත්වයකි. රුසියනු යුක්රේන යුද්ධයට උතුරු කොරියාව මැදිහත් වී සිටින්නේ රුසියාවට සහාය පළ කිරීමක් ලෙසය. යුක්රේනය සහ රුසියාව සේම, රුසියාව සහ උතුරු කොරියාව ද අසල්වැසි රටවල්ය.
උතුරු කොරියාවේ මිසයිල, ආයුධ නිෂ්පාදන සහ අභ්‍යවකාශ වැඩසටහන්වලට සහාය දක්වන්නේ රුසියාවය. මේ සියල්ල සැලකිල්ලට ගනිමින්, උතුරු කොරියාව, ඔවුන්ගේ සොල්දාදුවන් 10,000 ක් රුසියනු යුක්රේන යුද්ධයට සම්බන්ධ කරමින්, රුසියාවට යවා ඇති අතර, එම සොල්දාදුවෝ රුසියන් හමුදාවට සහාය දක්වමින් පෙරමුණ සටන් බිමට ගොස් සිටිති. මේ වනවිට යුක්රේන හමුදා ප්‍රහාරවලින් මියගිය උතුරු කොරියානු සොල්දාදුවන් ගණන 50 කට වැඩි යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරියා හමුදා සෙබළුන් යුක්රේන හමුදා ග්‍රහණයේ