IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කුරානයට අපහාස බෑ: නව නීති එයි

ශුද්ධ වූ කුරානයේ පිටපත් ප්‍රසිද්ධියේ ගිනි තබමින්, ඉස්ලාම් දහමට නිගරු කිරීම වැළැක්වීමට, යුරෝපා රාජ්‍යයක් වන ඩෙන්මාර්කය, නව නීති හඳුන්වා දී තිබේ.

මීට මාස කීපයකට පෙර, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි කියමින්, ඩෙන්මාර්කයේ සුදු අන්තවාදී කණ්ඩායම්, ප්‍රසිද්ධියේ කුරානයේ පිටපත් ගිනි තබා විනාශ කළේ, එරට පොලිසිය ඊට ඉඩ දී බලා සිටිද්දීය.

ලොව මුස්ලිම් ප්‍රජාව, ඩෙන්මාර්කය සමඟ විරසකයක් ඇති කර ගැනීමට එම සිද්ධිය හේතු විය. ශුද්ධෝත්තම පාප්තුමන් ද පෙන්වා දී තිබුණේ, ඉස්ලාම් දහමට නිගරු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

නව නීති හඳුන්වා දීම සිදුවූයේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පත, පැය 5 ක් තිස්සේ පැවැති වාද විවාදවලින් පසු වැඩි ඡන්දයෙන් සම්මත වීමෙනි. 94 දෙනකු පක්ෂව ඡන්දය පළ කළ අතර, විරෝධය දැක්වූයේ 77 කි.

ඩෙන්මාර්ක අධිකරණ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පැවැසුවේ, කුරාණයේ පිටපත් ගිනි තැබීමෙන් ඩෙන්මාර්කයේ ප්‍රතිරූපයට දැඩි ලෙස හානි සිදුවුණු බවත්, එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට, පාර්ලිමේන්තුවේ දී සම්මත වුණු නව පනත් කෙටුම්පතට අදාලව නීති සම්පාදනය කර ගැනීමට හැකි වනු ඇති බවය. මෙය ඓතිහාසික අවස්ථාවක් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.



අදහස් (6)

කුරානයට අපහාස බෑ: නව නීති එයි

චන්දන Friday, 08 December 2023 07:30 AM

ආගම ආරක්ෂා කර ගැනීමට නීති ගේන්න තරමට සමාජය පිරිහිලා. කුමන ආගමකට වුණත් නිදහසේ ඇදහීමට... විශ්වාස කිරීමට.. ඕනෑම අයකුට ඕනෑම රටක නිදහස තිබිය යුතුයි. කොටින්ම කවුරු මොන ආගම විශ්වාස කළත් වෙනත් අයකු ඒ ගැන කිසිම තැකීමකට භාජනය කළයුතු නැහැ...!

:       1       17

සුජිත් පල්ලේවත්ත Friday, 08 December 2023 10:14 AM

තම රටේ කීර්ති නාමයට සැබැවින්ම ආදරය කරන පාර්ලිමේන්තුවක්...

:       1       18

sudda Friday, 08 December 2023 11:32 AM

අප රටේත් බුදුදහමට නිගා කරමින් හැසිරෙන, ප්‍රකාශ කරන හාමුදුරු ගොල්ලන් සහ ඔවුන් සමග එක්ව කටයුතු කරන අන්ත ආගමිකයින්ට එරෙහිව නීති සම්පාදනය කළ යුතුයි.

:       0       21

Hira Friday, 08 December 2023 11:53 AM

ක්‍රිෂාන්ති සහ මුස්ලිම් ආගම් යනු එකම කාසියේ දෙපැත්ත. විවේචන, ප්‍රශ්න බැහැ.... ආගම නිර්මාණය කරපු පුද්ගලයාගෙයි මතවාද ඉදිරියටත් ඇදගෙන යන්න... නැතිනම් ස්වර්ගයේ තැනක් හම්බවෙන එකක් නැහැ.. ඔබලාට...

:       6       11

මැක්ස් Friday, 08 December 2023 12:18 PM

ලංකාවේ නම් අනෙක් ආගම්වලට කෙසේ වෙතත් බුදුදහමට අපහාස කරන්න පුළුවන්. නීතියෙන් ඊට ඉඩ නොලැබුනත්, සමාජ මාධ්‍ය වීරයින් ගෙන්, ඇන්ජීඕ කප්පිත්තන් ගෙන්, උන්ගේ ඩොලර්වලින් යැපෙන තුට්ටු දෙකේ දේශපාලකයන් ගෙන්, සමහර නීති විසාරදයන් වැනි සකලවිධ දේශද්‍රෝහීන් ගෙන් බුදු දහමට අපහාස කරන්නන්ට ලැබෙන්නේ ඉහල පිළිගැනීමක්.

:       4       27

Bamunuarachchi Friday, 08 December 2023 04:47 PM

ඕවා ලංකාවේ කරන්න ලැහැස්ති වෙන්න එපා. ඕන මගුලක් කරගනිල්ලා අපිට අදාළ නැහැ...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 314 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site