සමනලුන් , බත්කූරන් හා වෙනත් කෘමීන්ගේ වර්ණය ගෝලීය උණුසුම හා සම්බන්ධ යැයි වසර 18ක් පුරා කරන ලද පර්යේෂණක ප්‍රතිඵල නිකුත්කරමින් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල සිටින සමනලුන් හා කූරන් තද පැහැති වන අතර උණුසුම් දේශගුණයක් සහිත ප්‍රදේශවල සිටින සමනලුන් හා කූරන් ලා පැහැති වන බවයි.

මේ සතුන් හිරුගේ ශක්තිය උරාගැනීම සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් නිරූපනය කරන බව ද එමගින් පියෑඹීම සඳහා අවශ්‍ය ශක්තිය මෙන් ම ශරීර උෂ්ණත්වය ද යාමනය කරන බව පර්යේෂකයෝ කියති. මේ පර්යේෂණයේ ප්‍රධානී ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් හි මහාචාර්ය කාර්ස්ටන් රේබෙක් පවසන්නේ දේශගුණික වෙනස් වීම්වලට බොහෝ කෘමින්ගේ වාසභූමිය බලපාන බවයි.

1988 සිට 2006 දක්වා වර්ෂ 18 ක් සමනලුන් වි‍ශේෂ  ගැවසෙන  ප්‍රදේශ 366 ක් හා කූරන් විශේෂ  ගැවසෙන ප්‍රදේශ 107 ක දත්ත මෙම  පර්යේෂණයේදී විශ්ලේෂණය කර තිබේ.

මෙම සඟරාවේ කර්තෘ වන ජර්මනියේ මාර්බග් හි පිලිප්ස් විශ්ව විද්‍යාලයේ ඩර්ක් සිවුස් පවසන්නේ ශාක හා සතුන්ගේ ජීවන විවිධත්වය ගැන සලකන විට සමහර විශේෂයන්හි දක්නට ලැබෙන අනුවර්තන විශ්මයජනක බවයි.

සමනලුන් සහ කූරන් ගේ විශේෂයන් ඔවුනගේ හැකියාව හා වර්ණයන්හි විවිධත්වය මත යුරෝපය පුරා උෂ්නත්වය යාමනය බෙදාහැරීම පෙන්වා දීමට හැකියාව ලැබුන බව ද පර්යේෂකයෝ කියති.

මේ දක්වා අපට කෘමි සත්ව සංහතිය මගින් වන විශාල වෙනස් කම් දකින්නට හැකිවුව ද මුත් දැන් මෙම වෙනස් කම් සඳහා වන ප්‍රධාන හේතු පිලිබඳ අදහසක් ඇති බව ද පර්යේෂකයෝ කියති.