IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කැනඩා ඉන්දියා අර්බුදයට ඇමෙරිකාව මැදිහත් වෙයි

කැනඩාවත් ඉන්දියාවත් අතර නිර්මාණය වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට මැදිහත් වෙමින්, ඇමෙරිකා රජය ඉන්දියාවට පවසා ඇත්තේ, කැනඩාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහාය ලබා දීමට කටයුතු කරන ලෙසය.

කැනඩාවත් ඉන්දියාවත් අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ කැනඩාවේ ශීක් ක්‍රියාකාරියකු වූ 45 හැවිරිදි හර්දීප් සිං පසුගිය වසරේ ජූනි මාසයේ දී වෙඩි තබා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙනි. ඉන්දීය රජයට අනුව, හර්දීප් සිං ශීක් බෙදුම්වාදී ‘කලිස්තානී’ ත්‍රස්ත කල්ලියේ නායකයෙකි. ‘කලිස්තානී’ ත්‍රස්ත කල්ලිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී රජයට එරෙහිව නැගී සිටින කණ්ඩායමකි.

කැනඩා අග්‍රාමාත්‍යවරයා චෝදනා නගා ඇත්තේ, හර්දීප් සිං ඝාතනය කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයේ ඒජන්තවරුන් බවය. ඉන්දීය රජය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉන්දියාවේ සිටින කැනඩා තානාපතිවරයාටත්, කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන්ටත් ඉන්දියාවෙන් පිටවන්නැයි නියෝග කර තිබේ.

කැනඩා රජය හර්දීප් සිං ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන අතර, එම විමර්ශන කටයුතුවලදී ඉන්දීය රජයේ සහාය අපේක්ෂා කරයි. ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත්තේ, කැනඩා රජය ඉන්දීය රජයට එල්ල කරන චෝදනා බරපතල බවත්, කැනඩා රජය සිදු කරන විමර්ශනවලට ඉන්දියාව සහාය පළ කළ යුතු බවත්ය.



අදහස් (0)

කැනඩා ඉන්දියා අර්බුදයට ඇමෙරිකාව මැදිහත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 151 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 357 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site