IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කඩිනමින් මැතිවරණයකට යනවා - ගැබොන් හමුදාපති

කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත් ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා පවසා ඇත්තේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවය.

එසේ වුවත් මහ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර නැත. මේ වනවිට ගැබොන් රාජ්‍යයේ අන්තර්වාර පාලකයා ලෙස කටයුතු කරන්නේ ද න්ගුවේමාය.

ගැබොන් යනු මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයකි. පසුගිය දා ගැබොන් රාජ්‍යයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර එයින් ජයගත්තේ 2009 වසරේ සිට ජනාධිපත ධුරය හොබවන අලී බොන්ගෝ ඔන්ඩිම්බාය.

තෙවැනි වරටත් අලී බොන්ගෝ ඔන්ඩිම්බා ජනාධිපතිවරණය ජය ගත්තේ යැයි මැතිවරණ කොමිසම නිවේදනය කළ සැණින්, ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා හමුදාව මෙහෙයවමින් රටේ බලය අල්ලා ගත්තේය.

මේ වනවිට, හමුදා අත්අඩංගුවට ගත් ජනාධිපති ඔන්ඩිම්බා සිය නිල නිවසේ නිවාස අඩස්සියේ සිටින බවත් වාර්තා වේ. හමුදාපති න්ගුවේමා, ජනාධිපති ඔන්ඩිම්බාගේ ඥාතියෙකි.



අදහස් (0)

කඩිනමින් මැතිවරණයකට යනවා - ගැබොන් හමුදාපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site