පැලෑටි අනුසාරයෙන් කෘතීමව බිත්තර සෑදීමට ඇමරිකානු සමාගමක් වන හැම්ප්ටන් ක්‍රික් සමත්වී තිබේ. මෙම අපූර්වතම නිශ්පාදනය සඳහා ආසියාවේ පොහොසත්ම මිනිසාවන ලී කේ ෂින් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 28.8 ක අරමුදල් සපයා ඇත. මෙම ව්‍යාපෘතියේ උපදේශකයෙක් ලෙස මයික්‍රොසොප්ට් ආයතනය හිමිකාරිත්වය දරන බිල් ගේට්ස් ක්‍රියාකරයි. මෙලෙස නිපදවූ කෘතීම බිත්තර කැලිෆෝනියාවේ සියළුම වෙලඳ ආයතන වල විකිණීමට තිබේ. කෘතිම බිත්තර ලෝකය පුරා බෙදාහැරීමට මෙම සමාගම සැලසුම් කරඇත.
පැලෑටිවලින් සාදා ඇති මෙම බිත්තර කේක් ඇතුලු විවිධ ආහාර වර්ග සෑදීමට උපයෝගි කර ගැනීමට හැකියාව ඇත. ගතවූ මාස තුනේ දී ලොව පුරා තොග සහ සිල්ලර අළෙවි සමාගම් 500ක් සමග මේ බිත්තර සැපයීමට ගිවිසුම් අත්සන් කළ බව හැප්ටන් ක්‍රික් සමාගම කියයි. වැඩිවන ලෝක ජනගහනයට සරිලන පරිදි අදට වඩා කාර්යක්ෂම, පරිසර හිතකාමි, තත්වයෙන් උසස් හා දරාගත හැකි මිලකට මේවා අළෙවි කිරීමට හැකියාව ඇති බව ක්‍රික් සමාගම පවසයි. අපේ ඉලක්කය සැමවිටම පෝෂ්‍යදායී සහ සහනදායී මිලකට සියලුදෙනාට ආහාර සැපයීමයි.
ආහාර නිෂ්පාදන ව්‍යාපාරයන් මෙම නව නිෂ්පාදන පිළිබද සොයමින් සිටියි. විශේෂයෙන් සතුන් සම්බන්ධ ව්‍යාපාර දැන් බි
ද වැටෙමින් තිබේ. කෘථිම
කෘතිම බිත්තර නිෂ්පාදනයට පැලෑටි 12 ක් කලින් තෝරාගෙන තිබූ අතර දැන් දකුණු ආසියාවේ වැවෙන බෝංචි ප්‍රධාන වශයෙන් යොදා ගනී. කැනඩාවේ විශාල ලෙස වැවෙන රටකජු ද මෙහි ප්‍රධාන සංඝටකයකි.
තාපය සහ පීඩනය යොදාගනිමින් ඒවායේ රසය මස් සහ බිත්තර වලට සම කිරිමට කටයුතු කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට මේ බිත්තර නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ලබාදීම කෙරෙහි හැම්ටන් ක්‍රික් සමාගමේ අවධානය යොමුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ සොයාගැනීමක්!(දිල්)
මේවා ඇමරිකන් නිසා අපට එපා... විශේෂයෙන්ම මේ ඡන්ද දවස්වල කිසිම ඇමරිකන් නිෂ්පාදනයක් එපා. (අ)
හෙට අනිද්දාම කිකිලියොත් අයිති කරුවොත් පාර දිගේ,ගස් උද වහලවල් උද උද්ගොෂණයට බහීද මන්දා? (අ)
උපාසක බිත්තර හොයන කට්ටියට හොඳ ආරංචියක්(දී).