ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නැගුවේය. ඒ, ගාසා තීරයේ දී ඕස්ට්‍රේලියානු ජාතික සහන සේවකයකු වූ සෝමි ෆ්‍රැන්කොම් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙනි.
43 හැවිරිදි සෝමි ෆ්‍රැන්කොම්, ‘වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්’ නමැති ජාත්‍යන්තර සහන සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරියකි. ‘වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්’ සහන සේවා කණ්ඩායමක් ගාසා තීරයට ගොස් සිටින්නේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ කුසගින්නේ පසුවන පලස්තීන වැසියන්ට ආහාර සකසා දීමේ අරමුණින්ය.
මීට සති කීපයක පෙර ඊශ්‍රායල ගුවන් හමුදාව, ආහාර ලබා ගැනීමට පැමිණ සිටි පලස්තීන වැසියන් පිරිසක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, සහන සේවකයෝ පස් දෙනෙක් එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර, සෝමි ෆ්‍රැන්කොම් ද සිටී.
සෝමි ෆ්‍රැන්කොම් මියයෑමේ වගකීම ඊශ්‍රායලය බාරගත යුතු බවත්, ඊශ්‍රායලයට කිසිදු සමාවක් නොලැබෙනු ඇති බවත්, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඕස්ට්‍රේලියා අගමැති ඊශ්‍රායලයට දොස් කියයි