IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


එළදෙනගේ හදවතින් දරුවාට ජීවය

හදවතේ සිදුරු දෙකක් සහිතව උපතලද පිරිමි දරුවකුට එළදෙනකුගේ හදවතකින් ලබාගත් පටක භාවිතයෙන් කළ සැත්කමක් සාර්ථක වී ඇත. සැත්කම කළ දරුවා පසුගිය දා සිය පළමු උපන්දිනය සැමරුවේය.

රූබන් වෙබර් ජැක්සන්, යෝක්ෂෙයහි උපත ලැබුවේ හදවතේ සිදුරු දෙකක් හේතුවෙන් හුස්ම ගැනිමේ තදබල අපහසුතා ඇතිවය. රූබන්ගේ මව 29 හැවිටිදි පෙට්රා පවසන්නේ තම දරුවා රෝස පැහැයෙන් යුතු පරිපූර්ණ දරුවකු බවයි. ඔහු මෙතරම් බරපතල තත්ත්වයක පසුවන බව ඇය සිහිනෙකින්වත් නොසිතුවාය.

ඉපදී සති දෙකක් ගතවන විට ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙලෙන්නට වූවේය. පෙට්රා ඒ ගැන පවසන්නේ මේ ආකාරයෙනි.

‘‘ දරුවාට හුස්ම ගන්න අපහසුවන විට මට වැදගම්මක් නැති හැඟීම් ඇති වෙන්න ගත්තා. කුමක් හෝ වැරැද්දක් ඇතැයි සිතුනා. මම හිතුවා මට මානසික ප්‍රශ්නයක් කියලා. ඒත් තවත් නරක තත්ත්වයට පත්වෙද්දී හල් රාජකීය රෝහලට මම ඔහු රැගෙන ගියා.“

එහිදී කරන ලද පරික්ෂණ වලින් පෙනී ගියේ මේ බිළිඳාගේ හදවතේ සිදුරු දෙකක් ඇති බවත් මහා ධමනිය ක්‍රමයෙන් පටු වෙමින් පවතින බවත් ය. ඔහුගේ රුධිර සංසරණය අසීරු වී ඇති අතර අසාමාන්‍ය හුස්ම ගැනීම සහ තොල් දම්පැහැවීම් සිදුවෙමින් පවතින්නේ ඒ හේතුවෙන් බවත් වෛද්‍යවරු කියද්දී මවට කරකියාගත හැකි දෙයක් නොවුණි.

රූබන් සැත්කම් දෙකකට භාජනය කැරිනි. දෙවන සැත්කමේ දී සිදුකළේ එළදෙනකගේ හෘධයෙන් ලබාගත් පටක මේ දරුවාගේ හෘදයේ ඇති සිදුරු වැසීමට යොදා ගැනීමයි. දැන් ඔහුගේ ජීවිතය රැකී තිබේ.



අදහස් (0)

එළදෙනගේ හදවතින් දරුවාට ජීවය

සුජීව Sunday, 04 May 2014 03:56 AM

මේක අර සංවිධානයට කිව්වද? (නදී)

:       0       0

සිරිනා මාග්‍රට් Sunday, 04 May 2014 04:46 AM

නිරෝගී සුව ප්‍රාර්තනා කරමි.(නදී)

:       0       0

රත්නායක Sunday, 04 May 2014 05:55 AM

බබා ඔබට දිගායුෂ මම පතනවා (මම වීරකැටියෙ රත්නායක) (නදී)

:       0       0

රෂී Sunday, 04 May 2014 10:12 AM

ගොඩාක් සතුටුයි! (ස)

:       0       0

රන්ජිත් ජයරත්න Sunday, 04 May 2014 08:29 PM

හරකට නිවන්සුව ළමයට දීර්ඝායුෂ ලැබේවා !! (ස)

:       0       0

දිනේෂ් සංජීව Sunday, 04 May 2014 12:05 PM

එකෙක් මරල එකෙක් ජීවත්කරල ඇතිවැඩේ මොකක්ද ? (ස)

:       0       0

සරත් බණ්ඩාර Sunday, 04 May 2014 07:52 PM

වෛද්‍ය විද්‍යාවේ අපූරු හාස්කමක්. ඌරන්ගේ හදවතත් මිනිස් හදවතට සමාන බව මෑතක සොයාගත්තා. (ස)

:       0       0

දාමිනී Tuesday, 06 May 2014 07:57 AM

සුජීව 2014-05-04 03:56:38 නිකම් බූරුවෙක් වගේ කතාකරන්න එපා.(නදී)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 06 May 2014 11:32 PM

සිංහල බෞද්ද ජනතාව හරක් මස් කෑමෙන් වලකින්න .උන්ගේ කිරිබිල හැදෙන ළදරුවන් හා ජනතාව උන්ට ණයගැතියි. (ස)

:       0       0

රණතුංග Sunday, 04 May 2014 02:44 PM

දිනේෂ් ඔබ හරි.විද්‍යාවේ නව සොයා ගැනීම් අනුව සමහර රටවල මිනිසුන්ගේ ආයුෂ කාලය වැඩි වෙලා තියෙනවා.මම සිටිනා රටේ කෙනෙකුගේ ආයුෂ අවුරුදු අසුපහත් අනුවත් අතර කියලයි ගණන් බලලා තියෙන්නේ.ඒ නිසා විශ්‍රාම යාමේ කාල සීමාව අවුරුදු හැත්තෑව දක්වා වැඩි කරලා තියෙනවා.(ස)

:       0       0

සුමිත් Sunday, 04 May 2014 01:58 PM

චුටි පුතේ ඔයාට කවදාවත් ගව මස් කන්න එපා හොදේ (ස)

:       0       0

දිනේෂ් Saturday, 03 May 2014 10:05 PM

ඉදිරෙයේදී මේ ලෝකය තාක්ෂණය අතින් කොහේ නවතීද කියල හිතාගන්නවත් බැරි වෙයි වැඩිවන ලෝක ජනගහණය උදෙසා නව සොයා ගැනීම් කළ යුතුයි. =(ස)

:       0       0

ලලිත් Saturday, 03 May 2014 11:42 PM

හා හා හා හරක් මරන එක පවු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 73 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 602 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 86 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 49 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 117 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3300 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1432 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1621 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site