
ඉතිහාසයේ පළමු වරට රොකට්ටුවක් ගුවන්ගත කිරීමට එංගලන්තය ගත් උත්සාහය අසාර්ථක විය. රොකට්ටුවේ අරමුණ වූයේ රටවල් 9 ක චන්ද්‍රිකා නවයක් උඩු ගුවනේ රැඳවීමටය.
රොකට්ටුව යැවීමට බිලියනපති ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන්ගේ ‘වර්ජීන්’ සමාගම සම්බන්ධ වී සිටියේය. මෙහෙයුමේ අරමුණ වූයේ සැහැල්ලු රොකට්ටුවක් ‘බෝයිං 747’ දැවැන්ත ගුවන් යානයක ආධාරයෙන් උඩු ගුවනට යැවීමය.
මීටර් 21 ක් දිග රොකට්ටුව ගුවන් යානයේ ඉහළින් සම්බන්ධ කෙරුණු අතර, ගුවන් යානය නිරිතදිග එංගලන්තයේ කෝන්වෝල් හි ‘ස්පේස්පෝට්’ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කෙරුණි.
ඉහළ අහසේ දී, සැලැසුම් කළ පරිදි, රොකට්ටුව ගුවන් යානයෙන් වෙන්වී, උඩු ගුවන බලා ගිය නමුත්, චන්ද්‍රිකා රොකට්ටුවෙන් වෙන් වී පෘථිවි කක්ෂයට මුදා හැරීම ගැටලුවක් විය. ඒ අනුව, මෙහෙයුම අසාර්ථ වූ බව නිවේදනය කෙරුණි.
(ඬේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉන්නවා රොකට් පිළිබඳ විද්වතෙක්.රැකියාවක් නැතුව.එයා ඕකට සම්බන්ධ කර ගත්තානම් ඔහොම ප්‍රශ්න වෙන්නේ නෑ