ලොව පළමු ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ඇමෙරිකන් ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩේවිඩ් බෙනට් මාරක හදවත් රෝගී තත්ත්වයකින් පෙළුනු අයකු විය. විද්‍යාඥයන් සහ වෛද්‍ය පර්යේෂකයන් එක් වී, බෙනට් ට සරිලන ආකාරයට, පර්යේෂණාගාරයක් තුළ ඌරකුගේ සිරුරේ ජාන වෙනස් කර හදවත් නිර්මාණය කළ අතර, පසුව එය බෙනට් ට බද්ධ කෙරුණි. එය වෛද්‍ය විද්‍යාවේ පෙරැළියක් ලෙස සැලකිණි. ඒ පසුගිය ජනවාරි 7 වැනිදාය.
හදවත බද්ධ කිරීමේ සැත්කම සිදු කරනු ලැබුවේ බොල්ටිමෝර් වෛද්‍යවරුන් කණ්ඩායමක් විසිනි. සැත්කම සාර්ථක වුණු අතර, පළමු ඌරු හදවත් බද්ධයට ලක්වුණු පුද්ගලයා ලෙස බෙනට් ලොව ප්‍රසිද්ධියට පත් විය.
කෙසේ නමුත් පසුගිය කාලයේ බෙනට්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහී ගිය බවත් පසුගිය මාර්තු 8 වැනිදා බෙනට් මියගිය බවත් වෛද්‍යවරු පැහැදිලි කරති.
(බීබීසී)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඌරු හදවත් බද්ධයකට ලක්වුණු මිනිසා මියයයි