
ඇමෙරිකන් ඩොලර් මිලියනයක් වටිනා ස්ට්‍රෝබරි කිරි සහ කෝපි ඇතුළු භාණ්ඩ රැසක් උතුරු කොරියාවට විකුණූ සිංගප්පූරු ව්‍යාපාරිකයකුට සිංගප්පූරු අධිකරණයක් සිර දඬුවම් නියම කෙරුණි.
න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් උතුරු කොරියාවට සම්බාධක පනවා තිබේ. එම සම්බාධක මැද එරටට භාණ්ඩ විකිණීම වරදකි. සිංගප්පූරුව උතුරු කොරියාව සමඟ වෙළෙඳ සබඳතා නවතා දැම්මේ 2017 වසරේ සිටය.
පුවා ස්සේ හෛයි නමැති 59 හැවිදි මෙම ව්‍යාපාරිකයා රහසේ උතුරු කොරියානුවන් සමඟ ගනුදෙනු කරමින් ස්ට්‍රෝබරි කිරි සහ කෝපි පමණක් නොව, සුවඳ විලවුන්, වයින් සහ විස්කි ද විකුණා ඇති බව අධිකරණයේ දී අනාවරණය වී තිබේ.
පුවා ස්සේ හෛයි ‘පොක්කා ඉන්ටර්නැෂනල්’ නමැති ජාත්‍යන්තර සමාගමේ හිටපු කළමනාකරුවකු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd