
උතුරු කොරියානු හමුදාව විසින් නිපදවනු ලැබූ පළමු න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය එළිදැක්විණි. සබ්මැරීනය එළිදැක්වීම සිදුවූයේ නායක කිම් ජොන් උන්ගේ ප්‍රධානත්වයෙනි.
ඉදිරියේ දී න්‍යෂ්ටික බලැති ප්‍රහාරක සබ්මැරීන පමණක් නොව, නෞකා ද තම නාවික බලඇණියට එක් කිරීමට උතුරු කොරියානු රජය සූදානමින් සිටී. ඒ, ඇමෙරිකාව ඇතුළු උතුරු කොරියාවට තර්ජනයක් වන සෙසු ආසියානු රටවලට අභියෝගයක් වෙමිනි.
එළිදැක්වුණු සබ්මැරීනය, ‘හීරෝ කිම් කුන් ඕක්’ යනුවෙන් නම් කර තිබේ. සබ්මැරීනය එළිදැක්වීම ඓතිහාසික සිදුවීමක් බව ඊට සහභාගී වුණු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පැවැසූ බව කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd