
උතුරු කොරියාව කෙටි දුර බලැස්ටික් මිසයිල කීපයක් දකුණු කොරියාව දෙසට එල්ල කළේය. මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත.
උතුරු කොරියාව, දකුණු කොරියාවට මෙසේ මිසයිල ප්‍රහාර එල්ල කළේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් දකුණු කොරියාවේ සංචාරයකට පැමිණීමත් සමඟය.
පසුගිය දා දකුණු කොරියාව සහ ඇමෙරිකාව දින 11 ක් තිස්සේ යුද අභ්‍යාසයක් ද පැවැත්විණි. මෙය ද උතුරු කොරියාවේ දැඩි විරෝධයට හේතුවක් විය.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව වශයෙන් බෙදී වෙන් වී සිටින්නේ එකම ජාතියකි. කොරියාව උතුරු සහ දකුණු කොරියාව ලෙස බෙදී වෙන් වූයේ කොරියන් යුද්ධයෙන් පසුවය. දකුණු කොරියාවට ඇමෙරිකාවේ සහාය හිමිවන අතර, ඇමෙරිකන් සෙබළු 27,000 ක් දකුණු කොරියාවේ රැඳී සිටිති.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියේ, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් ද සමඟ ප්‍රජාතන්ත්‍රවාද සඳහා සමුළුවට සහභාගීවීමටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd