
දේශසීමා හරහා විශේෂ දුම්රියකින්, රුසියාව ගිය උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි.
හමුව පැවැත්වූයේ රුසියාවේ ව්ලැදිවොස්ටොක් නමැති උතුරු කොරියා දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයේය. කිම් ජොන් උන්, රුසියන් නායකයා හමුවන්නේ, රුසියාව සමඟ ආයුධ ගනුදෙනුවකට යැයි ඇමෙරිකාව චෝදනා නගා තිබුණි.
ආයුධ අවශ්‍ය වී ඇත්තේ රුසියාවය. රුසියාවට ආයුධ අවශ්‍ය වන්නේ යුක්රේන ආක්‍රමණය මුල්කොට ගනිමිනි. බටහිර සම්බාධක හේතුවෙන් රුසියාවට ආයුධ මිලදී ගැනීමට සිටින මිතුරන්ගෙන් කෙනකු වන්නේ උතුරු කොරියාවය.
රුසියාව සමඟ ආයුධ ගිවිසුමක් ඇති කර ගනිමින්, රුසියාවට ආයුධ විකිණීම කරන්නේ නම් උතුරු කොරියාවට තව තවත් සම්බාධක පැනවීමට තමන් සූදානම් බව ඇමෙරිකාව පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd