IMG-LOGO

උතුරු කොරියා නායකයා පුටින් හමුවන්න සැරැසෙයි

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්වීමට නියමිත බව ඇමෙරිකන් රජය පවසයි. ඇමෙරිකන් රජය මෙසේ පැවැසුවේ, එරට ආරක්ෂක අංශ ලබා දුන් වාර්තා පාදක කර ගනිමිනි.

රුසියාව, උතුරු කොරියාවෙන්, ආයුධ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙයි. රුසියන් ජනාධිපති පුටින්, උතුරු කොරියා නායකයා, හමුවන්නේ එම ආයුධ ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ.

යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාවට අවි ආයුධ අවශ්‍ය වෙයි. යුක්රේන යුද්ධය හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවා ඇති බැවින්, රුසියාවට අවශ්‍ය පරිදි ආයුධ මිලදී ගැනීම පවා ගැටලුවකි.

ඇමෙරිකානු රජය උතුරු කොරියාවට දිගින් දිගටම දැනුම් දී ඇත්තේ රුසියාව සමඟ ආයුධ ගනුදෙනුවකට යෑමෙන් වළකින ලෙසය. උතුරු කොරියාව රුසියාව සමඟ ආයුධ ගනුදෙනුවක් කරන්නේ නම්, උතුරු කොරියාවට එහි ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඇමෙරිකන් රජය අනතුරු අඟවා තිබේ.



අදහස් (0)

උතුරු කොරියා නායකයා පුටින් හමුවන්න සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site