
දින කීපයක රුසියන් සංචාරය අවසන් කරමින් උතුරු කොරියා නායක කිස් ජොන් උන් ආපසු උතුරු කොරියාව බලා පැමිණියේය.
කිම් ජොන් උන් රුසියාව බලා ගියේත් ආපසු පැමිණියේත් වෙඩි නොවදින විශේෂ දුම්රියකිනි. උතුරු කොරියාවත් රුසියාවත් දේශසීමාවකින් මායිම් වී පිහිටයි.
දින 6 ක රුසිායන් සංචාරයේ දී නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා පැවැත්විණි. මිතුදම් වර්ධනය කර ගැනුණි.
ආපසු පැමිණි කිම් ජොන් උන්ට වෙඩි නොවදින කබා සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා කීපයක් තෑගි වශයෙන් රුසියන් ජනාධිපති පුටින්ගෙන් හිමි වුණු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd