
ඊශ්‍රායලයේ, ටෙල් අවීව් නුවර, ජනාකීර්ණ වීදියක, බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදුණි.
එම අවස්ථාවේදී බස් රථ නැවතුම මගීන්ගෙන් පිරී තිබුණු අතර, ට්‍රක් රථයට යටවීමෙන් මගීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 කි.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ඊශ්‍රායල මාධ්‍ය පවසයි. මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.
එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ හඳුන්වා දී ඇත. ට්‍රක් රථය රියදුරු ඊශ්‍රායල ජාතිකයකු බව ද පැවැසෙයි. බස් රථ නැවතුමට කඩා වැදුණු අවස්ථාවේ, එහි සිටි සෙබළුන් කළ වඩි තැබීමකින් රියදුරා ජීවීතක්ෂයට පත් විය.
ට්‍රක් රථය බස් නැවතුමට කඩා වැදුණු අවස්ථාවේ ඊට යට වුණු පිරිස අතර හමුදා සොල්දාදුවන් කීප දෙනෙකු ද සිටින බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd