
දකුණු දිග ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලබනනයේ අරාබි මාධ්‍ය නාළිකාවලට සම්බන්ධ මාධ්‍යවේදීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
මරණයට පත්වූයේ අල් මයාදීන් පුවත් නාළිකාවේ මාධ්‍යවේදීන්ය. පුවත් වාර්තාකරුවන් දෙදෙනකු සහ කැමරා ශිල්පියෙකු මියගිය තිදෙනා අතර සිටින බව ද පැවැසෙයි.
ඔවුන් දකුණු ලෙබනනයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙන් කළ නවාතැනක නිදා සිටිද්දී, ඊශ්‍රායල ගුවන් හමුදාව මෙසේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd