ඊජිප්තුවේ ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරීන් 27 දෙනෙකුට එරෙහිව අපරාධ අධිකරණයේ නඩු පැවරීමට ගත් තීරණයත් සමග එක්සත් ජනපදය හා ඊජිප්තුවේ පාලකයින් අතර ගැටුමක් වර්ධනය වන බවක් පසුගිය සතියේදී දක්නට ලැබිණ. එක්සත් ජනපදයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක‍්‍රටික් පක්ෂයට හා රිපබ්ලිකන් පක්ෂයට සම්බන්ධ ආයතනවලින් අරමුදල් ලබා ගන්නා මෙම රාජ්‍ය නොවන සංවිධාන ඊජිප්තුවේ ජනවාරි 25 විප්ලවය අඩපණ කිරීමටත් රට අස්ථාවර කිරීමටත් උත්සාහ කරන්නේ යැයි ජනරාල් ටන්ටවිංග් පාලනයේ ප‍්‍රකාශිකාවක් චෝදනා කළාය. පසුගිය ජනවාරි මාසයේදී හමුදා පාලකයින්ට එරෙහිව වීදි බට තරුණ හා ශිෂ්‍ය උද්ඝෝෂකයින් මෙහෙයවා ඇත්තේ ඇමරිකානු හා ඊශ‍්‍රායෙල් අවශ්‍යතාවලටය. එම නිසා විප්ලවය රැක ගැනීමට එම රාජ්‍ය නොවන සංවිධානවලට හා එහි නායකත්වයට එරෙහිව පියවර ගත යුතුය. මෙම මතයට මුස්ලිම් සහෝදරත්වය ද සිය සහයෝගය පළ කළ අතර එක්සත් ජනපදය මෙම ප‍්‍රශ්නය මුල් කර ගෙන ඊජිප්තුවට ලබා දෙන ආධාර නතර කරන්නේ නම් 1979 සාම ගිවිසුමෙන් ඊජිප්තුව ඉවත් වන බවට ඔවුහු තර්ජනය කළහ. චූදිතයින් අතර ඇමරිකන් පුරවැසියන් 16 දෙනෙකු සිටින නිසා එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගනු ඇතැයි බොහෝ නිරීක්ෂකයෝ සැක පහළ කළහ. 1979දී ඊජිප්තුව ඊශ‍්‍රායෙලය සමග සාම ගිවිසුමක් අත්සන් කළ විට ඊට හිළවු වශයෙන් වසරකට ඩොලර් දශ ලක්ෂ 130ක ආධාර මුදලක් එක්සත් ජනපදයෙන් ලැබිණ. මූලික වශයෙන් යුද ආධාර වශයෙන් ලැබුණු මෙම මුදල් ප‍්‍රමාණය අහිමි වුවහොත් එය හමුදාවට දැඩි පහරක් වනු ඇත. එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලය ද මෙම කරුණ මත ඊජිප්තුට ලබාදෙන යුද ආධාර නතර කිරීමේ යෝජනාවක් සැලකිල්ලට ගෙන තිබිණ. රටින් පිටවීම තහනම් කර ඇති ඇමරිකන් පුරවැසියන් අතර ඔබාමාගේ කාර්ය මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගේ පුතෙක් වීමද විශේෂ කරුණකි. එහෙත් ජනාධිපති ඔබාමා රාජ්‍ය නොවන සංවිධානවල සේවකයින්ගේ ප‍්‍රශ්නය පදනම් කර ගෙන ඊජිප්තුවට ලබා දෙන ආධාර නතර නොකරන ලෙස කොංග‍්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව ඊජිප්තුවේ හා එක්සත් ජනපදය අතර පවතින යුදමය සම්බන්ධතා පැහැදිලි කිරීමට හමුදා කාර්ය මණ්ඩලය ඒකාබද්ධ ප‍්‍රධාන ජනරාල් මාර්ටින් ඩෙම්සි කොංග‍්‍රස් මණ්ඩලය ඉදිරියට යැවුවේය. ඔහු ඉදිරිපත් කළ කරුණු අනුව ඊජිප්තුව එක්සත් ජනපද ගුවන් නැව්වලට සිය ගුවන් තලය ඔස්සේ පියාසර කිරීමට අවසර ලබාදී ඇති අතර ඇමරිකානු නැව්වලට සූවස් ඇළ හරහා ගමන් කිරීමට අවසර ලබා දීමේදී ප‍්‍රමුඛතාව ලබා දිය යුතුය. එම නිසා ආධාර නතර කළ හොත් එක්සත් ජනපදයට මෙම අවස්ථා අහිමි විය හැකිය. මෙම සිද්ධියෙන් පැහැදිලි වන කරුණු දෙකකි. ඉන් එකක් වන්නේ ජනරාල් ටන්ටවිංග් ගේ පාලනයට එරෙහිව නැගෙන ජනතා විරෝධය යටපත් කිරීමට එක්සත් ජනපදය හා ඊශ‍්‍රායෙලය දඩමීමා කර ගන්නා නමුත් සැබවින්ම ඔහු එම රටවල් දෙක සමග සහයෝගයෙන් කටයුතු කිරීම හා හොස්නි මුබාරක්ගේ පාලන සමයේ අනුගමනය කළ ප‍්‍රතිපත්ති එලෙසම පවත්වා ගෙන යෑමට සූදානම්ය යන්නයි. දෙවැනිව රාජ්‍ය නොවන සංවිධාන විරෝධය ඔස්සේ මුස්ලිම් සහෝදරත්වය හමුදා පාලනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවද හෙළිවිය. ඇමරිකන් හා ඊශ‍්‍රායෙල් විරෝධී හඬක් නැගුවද බලයට පත්වීමෙන් පසු පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට සූදානම් බව පෙනේ. එම නිසා පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි කරගත් මුස්ලිම් සහෝදරත්වයට සම්බන්ධව නිදහස හා යුක්තිය පක්ෂය මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ජයගත හැකි නමුත් මර්දනකාරී පාලන යන්ත‍්‍රයේ වෙනසක් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. වැදගත් ප‍්‍රශ්නය වන්නේ හෙන්රි චතුරස‍්‍රයේ උද්ඝෝෂණ තුළින් මුබාරක්ගේ පාලනය බිඳ දැමූ ජනතාව එය තම ඉරණම සේ පිළිගන්නේද යන්නයි.
2025 දෙසැම්බර් මස 18
165
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊජිප්තුවේ රාජ්‍ය නොවන සංවිධාන අර්බුදයක්